Monday, April 11, 2016

තුරුළු වී නැළවෙච්ච.............


තුරුළු වී නැළවෙච්ච
උරතලේ හිස පෙව්ව
දිනක් මතකයේ නැතී
අපි වින්ද ආදරේ ට......
පෙම් වදන් උරුම නැති
ලග ඉන්න වරම් නැති
හැමදාම දුක පිරුණු
හිස් ඉඩකි ජීවිතේ......

ඉස්සරම දවසකදි එක
අපේ ඇස් මුණ ගැසුන
නුගේගොඩ පාලම ගාව
මතකයක් තිබුණා සොදුරුතම..... 
එදා ඒ කී කතා ලංවෙලා පෑ සිනා බොල් සුළගේ පා උනා
දුකම තියලා තනිකමට මට
සුදු මහත්තයො නුඹ කොහෙද......

සුළං රොදේ දග පෑව
අකීකරු කෙහෙරැළි මැදින් මුදු කොපුල් සිපගත්ත
මට අහිමි මතක බිදු......
කදුළු අහුරක් වෙලා
හිතට වද දෙන තරම්
විදවනා මේ අහිංසකී මිස
මගේ පණ නුඹ නෑ දන්නේ....

********** දේවී **************

දේවී වූ මං මිසක......



දේවී වූ මං මිසක,
කවුරු නම් දන්නවද ?

අත පොවනු බැරි උනත්
ගව් ගණන් දුර ඉදන්
හිත දිව්වා මහරෑත්
වැලිකතර පහු කරන්....
රැයේ දුටු සිහිනයක
නුඹ රජවෙලා හිදි තරන්
දේවි වූ මං මිසක වෙන
කවුරු දන්නවද රත්තරන්....

ටජ් මහල් නැතුවාට
අපේ පෙම් විජිතයට
නුඹ තැනූ මාලිගා
අපූරුයි වැලි තලාමත....
රැයේ පිපි කඩුපුලක්
උනා නම් මල් පදුරු මත
ඒ සුවද විදි එකම
බඹරිදු නුඹයි මේ මිහිමත.....

නුඹෙ ලෝකෙ ඇය වෙද්දි
අතීතේ මතක ලග
හීන ගැන්නා හැමදාම මම
ඔය දෑත මගෙ වෙන්න......
දුරක් ආ නිසා නොදැන
දුකත් මිහිරියි තනිකමට
මේ සුසුම් බරක් නෑ මට
නුඹ මත්තෙ මියැදෙන්න......

********** දේවී ********

Wednesday, April 6, 2016

 https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xat1/v/t34.0-12/fr/cp0/e15/q65/12969148_754941494641136_1185412057_n.jpg?efg=eyJpIjoidCJ9&oh=4cc93af51acdc6009c76dc6c51408f12&oe=57079952


හදාගන්න වැරදි නොතුබුණු ජීවිතේ
හදාගන්න වැරැද්දක් මතුවෙලා දැන් හදවතේ
ලියාගෙන තිබූ සන්තකම
මගෙ ලෝකයේ
යන්න ඔහු ගිහින් උගස බේරලා ආදරේ

දෑත ලග ඇති පේන මානයේ තනිකමේ
අවසරයි ආයෙමත් නැවතියන් මගෙ හිත්පැලේ
වාං දමනා සුසුම් ගගදිය බැන්ද පෙම් වරිච්චියේ
කටුමැටි තියන්නට පමා වූයේ මං ද කියපන් අනේ.......

කෑලි කපනා අදුරු මූසල ගොම්මනේ
හඩතළන්නට එපා දුක් ගී කිරළුනේ
ආයෙ නොඑනා වසත් කල
පෙම් හීනයේ
පිපෙන්නට මල් පොට්ටුවක්වත් ඉතිරිව නෑ හිතේ

*********** දේවී**********

මේ අහිමි වසන්තයයි ..........

 https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t34.0-12/fr/cp0/e15/q65/12980549_754931304642155_1501238355_n.jpg?efg=eyJpIjoidCJ9&oh=3bba198ca6a93f23c360fc94e172921d&oe=570776D3

දිවිගං දෑල උතුරා
දු'කදුළ ඉහිර ගියදා
වසන්ත පපුතුරක දැවටුනු
ඒ සිහින මිය ගියායැයි
මා කෙසේ සිතන්නද....?
පවන් රැල් වැදී
දගකල කෙහෙරැළි මතින් සිනාසුනු කොපුල්
නුඹ සිපගත් වාර ගණන්
කෙසේ නම් උඩු සුළගට
මුසු උනා යැයි සිතන්නද...? වසත් සමයක එක්
මතකයක් පමණක් වෙලා
අපේ සෙනෙහසට නුඹ
අවසානයක් එක් කලා යැයි
සිත මගේ පිළිගනීවිද...?
සිදු වූ සියල්ලක් දෑ ලග හිතට බර සුසුම් කැටි කොට නිමාවක් නොවන ඇරඹුමක් යළිත් මා නුඹෙන්
පතන්නද.......?
***** මේ මියුණු වසන්තයයි.*****

--------------- දේවී --------------

නිසල හද සසළ කල..............


 https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtf1/v/t34.0-12/fr/cp0/e15/q65/12921091_754640314671254_1299353332_n.jpg?efg=eyJpIjoidCJ9&oh=c797ac7160497b31a60a11cb2776c050&oe=57074E6D

නිසල හද සසළ කල
නුඹේ වචන අහුරට
මෙරක් මේ රෑත්
උනන මහ කදුළු කැට
දුරක් නොසිතා ලගක මිරිගුවක් මං බදාගත්තාට පවක් නෑ රත්තරනේ
දුවන නුඹෙ හිතට......

ගෙවෙන හැම මොහොතකම
නුඹ ගැනම සිතුවාට
පලක් නෑ හැගුනි ටික ටික
නුඹ දුරයි බෝම මට
සමුගන්න නම් දුකක් දී නොකියාම මේ හිතට
ලංවුනේ ඇයි මෙච්චරක් හිතෙනවා මට........

සද නේන රෑ දාක
කළුවරට පෙම් බදින්නට කියාදුන්නෙත් නුඹයි
මේ විසල් අහස යට
හිත හදන් තනිවෙන්න
ඒ අදුරෙ මිය යන්ට
කියා නොදුන්නේ මන්ද
නුඹ නේන මගෙ ලොවට

======== දේවී ==========

Monday, April 4, 2016

හදාගන්න වැරදි නොතුබුණු ජීවිතේ........


හදාගන්න වැරදි නොතුබුණු ජීවිතේ
හදාගන්න වැරැද්දක් මතුවෙලා දැන් හදවතේ
ලියාගෙන තිබූ සන්තකම
මගෙ ලෝකයේ
යන්න ඔහු ගිහින් උගස බේරලා ආදරේ

දෑත ලග ඇති පේන මානයේ තනිකමේ
අවසරයි ආයෙමත් නැවතියන් මගෙ හිත්පැලේ
වාං දමනා සුසුම් ගගදිය බැන්ද පෙම් වරිච්චියේ
කටුමැටි තියන්නට පමා වූයේ මං ද කියපන් අනේ.......

කෑලි කපනා අදුරු මූසල ගොම්මනේ
හඩතළන්නට එපා දුක් ගී කිරළුනේ
ආයෙ නොඑනා වසත් කල
පෙම් හීනයේ
පිපෙන්නට මල් පොට්ටුවක්වත් ඉතිරිව නෑ හිතේ

*********** දේවී**********

Sunday, April 3, 2016

හිතට ලෙංගතු එකම කවියත්......

         




           හිතට ලෙංගතු එකම කවියත්
           කරන මේ සරදම්
           කුරුටු ගෑ හද බිත්ති පවුරේ කදුළු විය කැටයම්....
           දෑත දුර නැති දුරින් දුටු සිත මැවූ පෙම් ලියකම්
           නිහඩ තුන්හිත හුදකලා විය බිදී පෙම් පැතුමන්....




                     ******** දේවි******